ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් කළු පටි පැලද විරෝධතාවයක.
මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් 07 දෙනෙකු කළු පටි පැලද (12) දින එම සභාව ඉදිරිපිට විරෝධතාවයක නියැලි සිටිහ.
නිරෝධායනට යොමු කර ඇති ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගැනිම , ජන මාධ්‍ය නිදහස ලබාදිම , ජිවන බර පහල හෙලිම සහ වතු කම්කරුවන් සියළු දෙනාට කොවිඩ් මර්ධන එන්නත ලබාදෙන ලෙස බල කරමින් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් විරෝධතාවයේ නියැලි සිටියේ.
මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම එම ප්‍රාදේශිය සභාවේ සභාපති එස්.සෙම්බගවල්ලි මහත්මියගේ ප්‍රධානත්යෙන් එම සභා රැස්විම් ශාලාවේ පැවති අතර , එම රැස්විමට සහභාගි විමට ප්‍රථම විපක්ෂ මන්ත්‍රිවරුන් විනාඩි 30 පමණ කාලයක් විරෝධතාවය දක්වා පසුව මාසික සභා රැස්විමට සහභාගි විය.
හැටන් – රංජිත් රාජපක්ෂ