90 වැනි වියෙහි පසුවූ මෙම කාන්තාවට ආසාදනය වී තිබී ඇත්තේ ඇල්ෆා සහ බීටා යන ප්රභේද දෙකයි.
ඇල්ෆා ප්රභේදය මුල්වරට එක්සත් රාජධානියෙන් සොයා ගත් ප්රභේදය වන අතර බීටා යනු දකුණු අප්රිකාවෙන් සොයා ගැනුණු ප්රභේදයකි. මෙම කාන්තාව මිය ගොස් ඇත.
කොරෝනා වයිරසයේ ප්රභේද දෙකකින් කෙනෙකු එකවර ආසාදනය විය හැකි බව මේ අනුව සනාථ වන බැව් විශේෂඥයන් සඳහන් කර තිබේ.