Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිස්ත්‍රික්ක 4 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 5 ක ප්‍රදේශ කිහිපයක් අද අලුයම හයේ සිට හුදකලා කර තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ,පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසමේ කොටස.

මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බලප්‍රදේශයේ,සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ, විහාර පටුමඟ , විහාර මාවත, කප්පර පල්ලිය පාර.

සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ,නිවාස සංකීර්ණය මැදින් පාර කොටසක්, පොල්වත්ත පාර කොටසක් පොල්වත්ත පාර කොටසක්, කෝවිල් වත්ත කොටස.

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ, තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම.

යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව පොලිස් බලප්‍රදේශයේ, වඩමාරච්චි උතුර මෙසේ හුදකලා කර ඇත.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,507 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා. ඉකුත් 10 වනදා සිදුවූ කොරෝනා මරණ 35 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

Scroll to Top