ආගමික ස්ථානවලට පනවා තිබූ සංචාරන සීමා ලිහිල්කිරීමත් සමඟ අනුරාධපුර ශ්‍රී මහා බෝධින්වහන්සේ ප්‍රමුඛ ඓතිහාසික සිද්ධස්ථාන වන්දනාවට බැතිමත්හු පැමිණෙති.
දැනට පවත්නා අන්තර් පළාත් සංචරණ සීමාවන් තව දින 14ක් කාලයක් සඳහා දීර්ඝ කර ඇති අතර පල්ලි, පන්සල් හා කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී ඇත.
නිරෝධායන නීති අනුගමනය කරමින් සිය වතාවත්වල නියැලීමට අවසර ලබාදී ඇත.
කැසිනෝ මධ්‍යස්ථාන, රාත්‍රී සමාජශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබෙන බව ද සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වෙයි.