Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දිස්ත්‍රික්ක 08කට නාය යාමේ අනතුරු ඇඟවීම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින වැසි සහිත කාලගුණයත් සමග ගාල්ල, කළුතර, කෑගල්ල, මහනුවර, මාතර, කොළඹ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව,කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය,ගාල්ල දිස්ත්‍රික්කය – නෙළුව, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර, අකුරුස්ස, මුලටියන, අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත, මතුගම, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,මහනුවර දිස්ත්‍රික්කය – ඟග ඉහළ කෝරලය, පස්භාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ,කෑගල්ල දිස්ත්‍රික්කය – යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ,නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය,රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැලියගොඩ, කොලොන්න, නිවිතිගල, කුරුවිට, කහවත්ත, කලවාන, ඉඹුල්පේ, රත්නපුර, අයගම, ගොඩගම සහ ඇලපත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කෙරිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට නායයාමේ දෙවන (ඇම්බර්) මට්ටමේ පූර්ව අවදානම් නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කහවත්ත, රත්නපුර, නිවිතිගල සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස ආශ්‍රීත ප්‍රදේශ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම දෙවන මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ගෙවුනු පැය විසි හතර තුල මිලිමිටර් 100ට වැඩි වර්ෂාපතන ලැබී ඇත. වර්ෂාව තවදුරටත් පවතීනම් නායයාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීමේ සහ පස් කණ්ඩි කඩා වැටීමේ සිදුවීම් විය හැකි නිසා අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. අවශ්‍ය වුවහොත් ආරක්‍ෂාකාරී තැනකට යාමට සූදානමින් සිටින්නැයිද දන්වයි.

Scroll to Top