Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 6ක පුද්ගලයින් 5,000කට අධික පිරිසකට පීඩා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තද වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක පවුල් 1,403 කට අයත් 5,777 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එක් පුද්ගල මරණයක් ද වාර්තා වී ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

රත්නපුර, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලට එම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.

මහනුවර, නාවලපිටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 07ක පවුල් 256ක පුද්ගලයින් ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර නුවරඑළිය, අඹගමුව බ්ලැක්වෝටර් හා නෝර්ට්න් ප්‍රදේශවල නිවාස 35ක පදිංචිකරුවන් ද ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබේ.

ආපදා තත්වයෙන් නිවාස 142 කට අර්ධ හානි සිදුව තිබේ.

මෙම කාලගුණ තත්වයෙන් විදුලි බිඳවැටීම් 12,000 ක් වාර්තා වූ බව විදුලි බල මණ්ඩලය පවසයි.

Scroll to Top