හැටන් සිට මහවැලි ගගට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා හැටන් ඔය පිටාර ගැලිම නිසා ගිනිගත්හේන අඹගමුව ප්රදේශයේ නිවාස 21 ක් ජලයෙන් යට වු බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
හැටන් ඔය යාබදව පහත්බිම් වල පිහිටි නිවාස 21 කට (10) දින අලුයම ජලය කාන්දු වු බවයි එම නිවාස වල පදිංචිකරුවන් කියා සිටියේ.
නිවාස වලට කාන්දු වු ජලය (10) දින අලුයම 6 පමණ වන විට බැස ගොස් ඇති අතර, ජලය නිවාස තුලට කාන්දු විම නිසා එම නිවාස වල පදිංචිකරුවන් වැසි ජලය බැස යන තෙක් ඔහුන්ගේ ඥාති නිවාස වල රැදි සිටිහ.