Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (09) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ තද සුලං තත්ත්වය හේතුවෙන් හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා ස්ථාන කිහිපයකටම පස් කදු සහ ගල් පෙරලිම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමන කටයුතු වලට (10) අලුයම 2 සිට බාධා පැමිණ ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු සහ පෙරලි ඇති ගල් අඹගමුව ප්‍රාදේශිය සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

මේ අතර ගිනිගත්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් දියගල වත්ත ප්‍රදේශයෙන් කඩා වැටිම නිසා එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවත්,එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් කාසල්රි මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මධ්‍යම කදුකරයට තද වැසි සහ සුලං දික්ඔය පොඩයිස් වත්තේ වතු නිවාස 25 ක් ජලයෙන් යට වෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (09) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් දික්ඔය පොඩයිස් වතු යායේ වතු නිවාස 25 ජලයෙන් යට වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

(10) දින අලුයම 2 ට පමණ වතු නිවාස අසලින් ගලා බසිනා දික්ඔය ඇල පිටාර ගැලිම නිසා තම නිවාස වල ජලය කාන්දු වු බවයි එම නිවාස වල පදිංචි වතු කම්කරුවන් කියා සිටියේ.

මේ වන විට නිවාස වලට කාන්දු වි තිබු ජලය බැස ගොස් ඇති අතර,අවතැන් වුවන්ට අවශ්‍ය පිසු ආහාර සහ පහසුකම් සැලසිමට නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාව කටයුතු කර ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top