Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ට ඇප

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනතා විමුක්ති පෙරමුණ විසින් හැටන් නගර මධ්‍යයේදි (08) දින අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිම සහ පර්ල්මේන්තුවට ගෙන එන ලද කොතලාවල පනතට එරෙහිව සිදු කල උද්ඝෝෂණයේදි හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් තිදෙනාට සහ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම්වරිය (08) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය විසින් එක් සැකකරුවෙකුට රු ලක්ෂ 3 බැගින් පුද්ගලික ඇප මත මුදා හැර යලිත් එම නඩුව  කැදවිමට නියෝග කලහ.

මෙසේ ශරිර ඇප මත මුදා හරිනු ලැබුවේ මංජුල සුරවිර ආරච්චි මහතා (අඹගමුව ප්‍රාදේශිය සභාව ) , කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වන එච්.ජි ජයරත්න , කපිල බණ්ඩාර සහ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් තමිල් සෙල්වි මෙනවියයි.

හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ සැකකරුවන් දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ නිරෝධායන උපදෙස් වලට අනුකුලකව උද්ඝෝෂනය පැවැත් වු නිසා සැකකරුවන්ව ඇපකරයක් මත මුදා හරින ලෙසය.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ව රු ලක්ෂ 3 ක ශරිර ඇප මත මුදා හැරිමට නියෝග කලහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top