Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සියල්ල අත් හරින්න සූදානමින්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් බතික්, අභ්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ ඇතිවූ සංවාදයක් අතර තුරදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

තමාට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව ද ජයසේකර මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ .

එහෙත් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි එම සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

Scroll to Top