අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති නව වෙළෙඳ භාණ්ඩ හඳුන්වා දීමේ මාධ්‍ය හමුව සඳහා එක් වෙමිනි.
සියයට සියයක්ම රජය සතු අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් ක්‍රියාත්මක වන සතොස හරහා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිළ ස්ථායීකරණය කිරීමේ ජාතික මෙහෙවර ඉටු කරන අතරතුර දී, ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ දැඩි ආර්ථික ගැටළු වලට මුහුණ පාමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යවසායකයින් සඳහා මෙරට වෙළෙඳපොල ඍජුවම සකසා දීමටත්, මෙරට පාරිභෝගික ජනතාවට අවම මිළට ගුණත්වයෙන් යුත් නිෂ්පාදන ලබා දීමටත් අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශීය ව්‍යවසායකයින් හා රාජ්‍ය අංශයේ ආයතන සමඟ ඒකාබද්ධ යාන්ත්‍රණයක් දියත් කිරීම තුළ පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැඩි වැඩියෙන් මෙරට ව්‍යවසායකයින් යොමු වීම තුළ භාණ්ඩ මිළ අඩු කිරීම සඳහා හැකියාව ලද බවයි. ඒ අනුව වසර 18ක් පුරා ජාත්‍යන්තර වෙළෙඳපොලට සොසේජස් නිෂ්පාදන සැපයුම් කරනු ලබන Gills ආයතනයේ නිෂ්පාදන “සතොස Gills” වශයෙන් දිවයින පුරා සතොස අළෙවිසැල් ජාලය හරහා බෙදාහැරීමේ එකඟතාවයකට එළඹ ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ආසියා-පැසිෆික් කලාපයේ වෙළෙඳ අමාත්‍ය හමුව සඳහා එක් වෙමින් ගෝලීය ආර්ථික අර්බුදයට ඒකාබද්ධව මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බව ද ප්‍රකාශ කරන ලදී.
දෙවන ලෝක මහා සංග්රාමයෙන් පසුව සිදුවූ විශාලතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින මෙවන් අවස්ථාවක දී නිසි ප්‍රමිතියට සහිත ස්වජාතික නිෂ්පාදන සහනදායී මිළට පාරිභෝගිකයාට ලබා දීමේ වැඩපිළිවෙල, සෑම පාර්ශ්වයකම සහයෝගය ලබා ගනිමින් ජාතියේ මිළ තීරක සතොස හරහා තවදුරටත් පවත්වාගෙන යනු ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය, ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ද සහභාගී වී සිටියහ.