ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රීඩකයන් සමඟ වාර්ෂික කොන්ත්රාත් ගිවිසුම්වලට එළඹීම අත්හිටුවයි.
ඉදිරියේදී සංචාරයෙන් සංචාරයට ක්රීඩකයන් සමඟ ගිවිසුම් අස්සන් කරන බවත් ඉන්දීය සංචාරය සඳහා නම් කළ මූලික සංචිතයේ ක්රීඩකයන් 29 දෙනකු සංචාරක ගිවිසුමට අස්සන් කළ බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ඉන්දීය සංචාරක ගිවිසුමට අස්සන් තැබූ ක්රීඩකයකු පැවසුවේ වාර්ෂික කොන්ත්රාත් ගිවිසුම සම්බන්ධ ගැටලුව විසදා නොමැති බවත් ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම්ව සිටින බවත්ය.