දින 10 ක් තුළ සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 25 කින් වැඩි වී ඇතැයි වාර්තා වේ.
මෙවැනි මිල වැඩිවීමක් ඉතිහාසයේ කවර දිනක හෝ සිදුව නැති බව මාධ්‍ය වාර්තා කරයි.
සීනි ආනයන බද්ද සත 25ක්ව පවතින බැවින් සීනි ආනයනකරුවන්ගේ සංගමයට අනුව ආසන්න වශයෙන් සීනි මෙට්‍රික්ටොන් ලක්ෂ 600 ක් ආනයනය කර තිබේ.
එම සීනි තොග ලබන වසරේ මැයි මාසය දක්වා මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් බව ආර්ථික විශ්ලේෂක මතය වේ.
එසේ තිබියදී වෙළෙඳපොළේ සීනි මිල අසාමාන්‍ය ලෙස වැඩිවීම බරපතල කාරණාවක් බවද ඔවුන් පෙන්වාදෙයි.
කෙසේවුවද, මේ මිල පහළ දැමීම සිදු කර තිබුණේ සීනි මෙට්‍රික්ටොන් 90,000 ක් පමණ රට තුළට ආනයනය කර තිබියදී බවද පැවසේ.