ජනතා විමුක්ති පෙරමුණ මගින් හැටන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට (08) දින උදැසන පැවැත් වු උද්ඝෝෂනයක් විසුරුවා හැර එම උද්ඝෝෂනය සංවිධානය කල ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රි මංජුල සුරවිර ආරච්චි මහතා ඇතුළු එම පක්ෂයේ තවත් තිදෙනෙක් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.
අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිම සහ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත කොතලාවල පනතට එරෙහිව එම පක්ෂයේ සමාජිකයන් විසින් හැටන් ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් සිටිහ.
උද්ඝෝෂකයන් අතරට පැමිණි හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.බි.පලිපාන මහතා උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේ උද්ඝෝෂණ පැවැත්විම රටේ තහනම් කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත මෙම උද්ඝෝෂනය පැවැත්විමට ඉඩ ලබා දිය නොහැකි බවයි.
දෙපාර්ශවය අතර ඇති වු උණුසුම් තත්ත්වයත් සමග ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂනය සංවිධානය කල මංජුල සුරවිර ආරච්චි මහතා , සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් තමිල් සෙල්වි මෙනවිය , කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වන ජයරත්න , කපිල බණ්ඩාර යන සිව්දෙනා හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.
ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ව හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව එම පක්ෂයේ සමාජිකයන් කියා සිටියේ තම පක්ෂයේ සමාජිකයන් අත්අඩංගුවට ගැනිමෙන් තමන් අධෛර්යට පත් නොවන බවත්, ඉදිරියේදි මෙවැනි අණ පනත් සහ දුෂණ වංචා වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ නැගි සිටින බවයි.
අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ව (08) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පවසයි.
හැටන් – රංජිත් රාජපක්ෂ