Aboutceylon Online

ෆයිසර් නවතී ඇස්ට්‍රාසෙනෙකා එයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ සඳහා දෙවන මාත්‍රාව ලෙස අද (8) දිනයේ ද කොළඹ නගරයේ ‘ෆයිසර්’ එන්නත ලබා දීමට සැලැසුම් කර තිබුණ ද එය තාවකාලිකව අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ජූලි මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත බවය.

මේ අතර, කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අද (08) දින එන්නත් ලබාගැනීමට එන ලෙසට දැනුම්දෙමින් කෙටි පණිවුඩ ලැබුණ පුද්ගලයින් ට ඒ සඳහා නොපැමිණෙන ලෙසය.

මෙරට තුළ කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය කරුණක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

Scroll to Top