සෞඛ්‍ය වෘත්තිය සමිති වර්ජනය මධ්‍යයේ වුවද ත්‍රිවිධ හමුදාව දිස්ත්‍රික්ක නවයකදී මහජනතාව වෙත සාර්ථකව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දුන් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.
මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා එන්නත් අසූදහසක් ඊයේ (05) දිනයේදී කොවිඩ් කමිටුව වෙන් කර තිබිණි.
වයස අවුරුදු තිහට වැඩි අය සඳහා බස්නාහිර පළාතේදීත් වයස අවුරුදු හැටට වැඩි අයට අනෙකුත් දිස්ත්රික්කවලදීත් එන්නත් ලබාදීමට ත්‍රිවිධ හමුදාව පියවර ගත්හ.
මෙම එන්නත් ලබා දෙන ස්ථානවලට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගොස් ඒවා නිරීක්ෂණය කරනු ලැබීය.
නාරාහේන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය, බත්තරමුල්ල දියත උයන සහ වේරහැර පළමුවන වෛද්‍ය බළකාය යන ස්ථානවලදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් එන්නත්කරණය කටයුතු සිදු විය. එය අද (06) දිනයේදී ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා පැවසීය.
ඊයේ දිනයේදී පමණක් වේරහැර පළමුවන වෛද්‍ය බළකාය විසින් එන්නත් 3000ක ප්‍රමාණයක් ලබා දුන් බව එහි වෛද්‍ය නිලධාරීවරයකු සඳහන් කළේය.
මෙම අවස්ථාවට පනාගොඩ යුද හමුදා රෝහලේ අණදෙන නිලධාරී විශේෂඥ වෛද්‍ය කර්නල් කුමාරගේ සමග වෛද්‍යවරුන් 4ක් සහ යුද හමුදා රෝහලේ හෙද කාර්යමණ්ඩලය සමග යුද හමුදා නිලධාරීන් සහ සෙබළුන් පිරිසක් සහභාගි වූහ.