Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හිංසාකාරි ලෙස ගවයන් ප්‍රවාහනය කර වැඩ වරදියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බලපත්‍රයක් නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් දෙදෙනෙකු ප්‍රවාහනය කල සැකකරුවන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් සමග අද (06) දින අලුයම අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආරියරත්න බණ්ඩාර මහතා පැවසිය.

සැකකරුවන් දෙදෙනා මස්කෙලිය අප්කට් ප්‍රදේශයේ සිට ගවයන් දෙදෙනා මස් පිණිස ඝාතනය කිරිමට රැගෙන යන බවට පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත සැකකරුවන් දෙදෙනා ලොරි රථය සමග මස්කෙලිය නගරයේදි අත්අඩංගුවට ගත් බව  පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත්,සැකකරුවන් දෙදෙනා මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකරගෙන පැමිණි සැකකරුවන් දෙදෙනෙකු බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, පොලිස් භාරයට ගත් ගවයන් දෙදෙනා සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ඉදිරි කටයුතු කරන බවයි මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top