Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සනත්, ඩිල්ෂාන්, අනූෂ ඔස්ට්‍රේලියාවට – ජයසුන්දරට වසර 07ක ක්‍රිකට් තහනමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනූෂ සමරනායක මහතා, ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබේ.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ, 2021 සහ 2022 තරග වාරය වෙනුවෙන් එම පත් කිරීම සිදු කර ඇති බවය.

අනූෂ සමරනායක මහතා 2000 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේය.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටී.එම් ඩිල්ෂාන් එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලැබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, හිටපු දත්ත විශ්ලේෂකවරයෙකු වූ සනත් ජයසුන්දර මහතාට වසර 07ක ක්‍රිකට් තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් පනවනු ලැබ තිබේ.

ඒ, ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන පනත උල්ලංඝණය කර ඇති බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ විරෝධී විනිශ්චය සභාව විසින් සනාථ කිරීමත් සමගිනි.

Scroll to Top