බොහෝ බාධක මැද මොරටුව සරසවියෙන් බිහිවූ ඉංජිනේරුවෙකුගේ කතාව..
මේ මගේ කතාවයි..
හුරුළු නිකවැව තමා මගෙ ගම.වෙල් හුලං මතින් ගොඩනැගුණු ගම්මානයේ ජීවිත හරිම සුන්දරයි.ඒ ජීවිතයට එදා වගෙම අදත් මං ආදරෙයි. ඉතින් මේ මගේ කතාවයි..
අපේ පවුල ඉස්සර හුගක් දුප්පත්. සැහෙන අඩුපාඩු තිබුනා. ඒත් සතුටෙන් හිටියා.
මං පොඩි කාලේම අම්මා රට ගියා. ඒ යන්න උනේ පවුලෙ අග හිගකම් නිසාමයි.
මාමාටත් පොඩි කාලේ ඉදලම පවුලේ වගකීම වැටුනා.
ටිකක් කල් යද්දි කොහොමහරී මාමා වඩුමඩුවක් පටන් ගත්තා.අම්මා උදව් කරා.
ටිකෙන් ටික අපි ඉස්සරහට ආවා. මටත් පොඩිකාලෙම මඩුවේ වැඩකරන්න සෙට් වුනා.
මාමා කුඹුරු කරත් හේන් වැඩ කරත් හැම මගුලටම මාවත් අරන් යනවා.මන් හිතන් හිටියේ මොකක් හරි මාත් එක්ක තරහක් තියනවද කියලා මේ තරම් වැඩ කරන්න මාව අල්ලගන්නේ කියලා.
හැබැයි එකේන් උන හොද දෙයක් තිබුනා.මං හැමදාම ඉස්කොලේ ගියා.ඒ වගෙම ඉස්කොලේන් ගෙදරින් කරගෙන එන්න වැඩ දුන්නත් ඒවත් ඉස්කෝලේන්ම කරා. ඒ ගෙදර ගිහින් මොන වැඩේ සෙට් වෙයිද දන්නේ නැති නිසා. එහෙම උනොත් පහුවදාට ඉස්කෝලේන් මොකද වෙන්නෙ කියලා කට්ටිය දන්නවනෙ. දැන් කාලේ වගෙ අයිතිවාසිකම් කතා නෑ.
හැමදාම වැඩ.ආයෙත් වැඩ.සමහරදාට රෑ වෙනකන් වැඩ. මාමා නැන්දා මං.තුන් දෙනාම වැඩ. ඔහොම ඔහොම ඉදලා මාමා ලොරියක් ගත්තා.දැන් තවත් වැඩ වැඩි.
සමහර දවසට නාන්න යද්දි ඇගේ තනිකරම ලී කුඩු විතරයි..
හැබැයි අපේ යකඩ හිතට ඒක අවුලක් උනේ නෑ.තලන්න තලන්න යකඩ හිත් තවත් මුවහත් වුනා.
අම්මා රට ගියේ සෑහෙන දුකකින්.ඒත් යන්නම උනා.මගේ කුඩා කාලය ගෙවුනේ කිරි අම්මයි අක්කයි එක්ක.
අපි හිටියේ පැලක ඒ පැලේ වැස්ස දවසට පොල් අතු වල හිල් වලින් වතුර වැටෙනවා.
කිරි අම්මා පොල් අතු හැමදාම හදනවා.
මමත් පහුවදාට වහලෙ වහලෙ උඩට නැගලා වහලෙ හදනවා.
සමහර දවසට රෑට නැගිටලා බඩගිනි කියල හිතුන ගල් තුනක් ලඟට කරල ගින්දර දාලා බත් උයන් කනවා.
ඒව සුන්දර මතක.ඒ කෑම වල රහ වෙනම රහක්.ඒත් මට කන්න කවදාකවත් අඩුවක් වෙලා නෑ.මාමා මොකක් හරි එකකට මට ගහන්න හැදුවොත් මගේ ආයුධය තමා කිරි අම්මා.ඒත් වැඩක් වෙන්නැති අවස්ථාත් තියෙනව.
සමහර දවසට රෑට කිරිඅම්මා කතන්දර කියනවා.ඒ කතා තාමත් මට මතකයි.
මං දන්නා යකඩ ගැහැනු තමා මගේ කිරි අම්මා, අම්මා.
මං මුලින්ම ගියේ නිකවැව අනුර මහා විදුහලට. ඊලගට ගලෙන්බිඳුණුවැව කණිෂ්ඨ විදුහලට..
මං ශිෂ්‍යත්වය fail උනා. ඒ කාලේ එච්චර තේරුමක් තිබ්බේ නෑ ඒ මොකක්ද කියලා..හැබැයි විබාගේ ලියලා එද්දී මාමා මට වඩේ අරන් දුන්නා…මට පුදුමත් හිතුනා මොකද මේ කවදාවත් නැති සෙනෙහසක් කියලා.
කොහොමහරී ඔහොම දිගින් දිගටම ගමන ගියා.ඊලගට මං ගලෙන්බිඳුණුවැව මධ්‍ය විද්‍යාලයට ඇතුලත් උනා…මං ol වෙනකන් එහි අධ්‍යාපනය හැදැරුවා.කාලය හෙමිහිට ගෙවිලා ගියා.
සාමාන්‍ය පෙළ දී මට A8 B1 ප්‍රතිඵලයක් ආවා.ඒ ගලෙන්බිඳුණුවැව කලාපයෙ වැඩිම ප්‍රතිඵලය ඒ අවුරුද්දේ. මං මාමට ප්‍රතිඵල කියද්දි මාමා ගණන් ගත්තෙවත් නෑ. සතුටක් පෙන්නුවේ වත් නෑ.ඇහුවා මොනවද දැන් උඹ උසස් පෙළට කරන්න හිතන් ඉන්නේ කියලා. මං කිව්වා මැත්ස් කරන්න ඉන්නෙ කියලා.
“හ්ම්” ඔච්චරයි කිව්වේ.
කොහොමහරි ඒ ප්‍රතිඵලයත් එක්ක මං අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා.මම උසස් පෙළ අධ්‍යාපනය හැදෑරුවේ ගණිත විෂය ධාරාවෙන්.මං උසස් පෙළටත් හැම දාම වගේ ඉස්කෝලේ ගියා.පලවෙනි අවුරුදු එකහමාර ම වගේ ගෙදරින් ඉදන් ගියේ. හැම පාසලකම මම ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටියා.වගකීම කියන එක හැමතැනම මට හම්බ වුණා.
ඒ දවස් වල කාල සටහන තමා මේ.
පාන්දර හතරට නැඟිටිනවා.
4:30 වෙද්දි බස් එකට යනවා
හැමදාම වගේ ස්කෝලෙ ගියේ සීටීබී බස් වලම තමා සීසන් එකේ.
ඉස්කෝලෙට යද්දි කොහොමත් උදේ හයයි හයයි කාලයි.
ඉස්කෝලේ ඉඳලා අමතර පන්ති තිබිලා ඔක්කොම වැඩ ඉවර වෙද්දි අනුරාධපුරයේ හවස පහ වත් වෙනවා.
ගෙදර එද්දි හත වත් වෙනවා.
ඇවිත් නාලාකාපුහාම තියන සැප දන්නවා නේ.එහෙම්ම නින්ද යනවා.
ඒ අවුරුදු ටික මං ගෙදර වැඩ කරේ හරි අඩුවෙන්.මාමත් මුකුත් කිව්වේ නෑ.
මං උසස් පෙළ පන්ති අමතර පන්ති සියල්ල නොමිලේ ගියේ. ඒ සර්ලා ගොඩක් උදව් කරා.
මාමා ක්‍රීඩාවට හුඟක් දක්සයි.එයා මම උසස් පෙළ කරද්දිත් රටවල් හතරකට පහකට ගිහින් ජයග්‍රහණ අරගෙන තිබ්බා.
එයාට සහයෝගයක් හම්බුන් නැති නිසා එයාගේ ක්‍රීඩාව නතර වුණා.ඒකත් තව සෑහෙන දිග කතාවක්.
කොහොමහරි මං පිස්සුවෙන් ඉගෙන ගත්තා.අවසාන අවුරුද්දේදී මගේ යාළුවෙක් මට එයාලගේ ගෙදර ඉදලා ඉස්කෝලේ යන්න එන්න කිව්වා. කලන චතුරංග,වේරගොඩ, කණිෂ්ක අනුරාධපුරයේ මට සෑහෙන උදව් කරපු අය.එයාලගේ පවුල් වල අයත් මට සෑහෙන උදව් කරා.2014 රේ ගණිත අංශයෙන් මම පළවෙනියා වුණා..මං ඒක හිතලවත් තිබ්බෙ නැති දෙයක්.මං එදා මාමට ප්‍රතිඵලය කිව්වා.
“ඔන්න පුතේ උඹ එන්න ඕන තැනට දැන් උඹ ඇවිත්.පලයන් ඉස්සරහට හිනා වෙලා” කිව්වා.
ඒ කියද්දිත් එයා මං ළඟ හිටියේ නෑ එයා හිටියේ රට.ඒත් ඒ වචන මට සෑහෙන හයියක් උනා.
මට මගෙ ගමන වෙනුවෙන් සෑහෙන මිනිස්සු උදව් කරා.
මගේ ගුරුවරු මගේ යාලුවො හැමදෙනාම,
අමතක නෑ.කවදාවත්.
ඔහොම ඉඳලා මොරටු සරසවියට ගියා. සරසවි ජීවිතේ මට ලැබුන අත් දැකීම් මාව තවත් මනුස්සයෙක් බවට පත්කරා.
තවත් හිත හයිය කරා.
ඒ ජීවිතය මම පැහැදිලි කරන්න යන්නෑ.ඒ තරම් දේවල් ජිවිතයට එකතු උන තැනක්.
සරසවිය.
ඒ ජීවිතේට මං ආදරෙයි හැමදාමත්
මං පුළුවන් උපරිමයෙන්
හැම තැනම හැම දෙයක්ම
සරසවිය වෙනුවෙන්
මගේ උන් වෙනුවෙන්
කරා.
ඉදිරියටත් කරනවා.
මාමේ
ඉගෙන ගනින් කියලා කිව්වේ නැති වුණාට ඉගෙන ගන්ඩ ඕනේ කියන එක වටෙන් පෙන්නුවා.
ආදරේ කියන එක කෙලින් පෙන්නේ නැති වුණාට ඒ දේ හිත් ඇතුලෙන් පෙන්නනවා
ඒක මං දැන් දන්නවා
ඔහොම කාලෙ ගෙවිල ගිහින් අද මං උපාධියකුත් අරන්. ඒ දවසට එක්කන් යන්න හිටපුම දෙන්නෙක් මට අරන් යන්න බැරි වුණා.එක්කෙනෙක් රට, එක්කෙනෙක් හුඟක් වයසයි. ඒ මොහොතේදී හැම කෙනෙක්ම මතක් උනා.
මාමා තාමත් රට.
හැබැයි දවසක එයා ගෙදර එනකොට හැම දේම වෙනස්.
ඉස්සර අහස දිහා තරු බලං හිතපු හීන අද හිමිහිට සැබෑ වෙනවා..
අපි කවදත් ඉඳලා මැරිලා යන මිනිස්සු.
මේ වෙනකන් මම ජීවත් වුණ කාලයේ මා පසුතැවිලි වෙන කාරණාවන් ඉතාමත් අඩුයි
හදවත ට අනුව ජීවත් වෙන්න.
ජීවත් වෙන්න මොලේ පාවිච්චි කරන්න.
නැති කරගන්න එපා කවදාවත් මනුස්සකම.
මං මේ කතාව කිව්වේ ආඩම්බර වෙන්න වත් වෙන දේකට වත් නෙවෙයි.මේ කතා වෙන දෙයක් අරගන්න පුළුවන් නම් අරගන්න.අපිට ඇත්තටම නැති දෙයක් නෑ.අපි පොඩ්ඩක් උත්සාහවන්ත විතරයි වෙන්න ඕන.ජීවිතය ගොඩ යනවා නිකංම.
අද මං උපාධිධාරියෙක් වුණත් මට දෑතේ රස්සා පහක් හයක් තියෙනවා.ඒ මම ඒ දේවල් හරියට ඉගෙන ගත්ත නිසා.
මං මේ ගමන එද්දී මගේ තාත්තා පොඩි කාලේ නැති උනත් මා වෙනුවෙන් සෑහෙන පියවරු උදව් කරා.
මව්වරු උදව් කරා.
අම්මත් පොඩි කාලේ රට ගියාට අම්මගෙ සෙනෙහස අඩුවක් වුනේ නෑ.මට අම්මලා දෙන්නෙක්ගේ සෙනෙහස තිබුණා.
ජීවිතයේ සමහර දේවල් තියෙන්නෙ වෙන්නම දේවල්.අත්දැකීම් ඇතිනේ කට්ටියට.
ඒ නිසා ….
මොන දේ කරත් සතුටින් හිටපං
මිනිස්සුන්ට උදව් කරහන්.
මිනිස්සුන්ගෙ හයිය අරන් උඹ විතරක් ඉස්සරහට යන් නැතුව
උඹ පිටුපස ඉන්න මිනිස්සුන්ට හයියක් වෙයන්.
මොහොතේ ජීවත් වෙයන්.
“තලන්න තලන්න යකඩ මුවහත් වෙනවා වගේ මේ ජීවිතයත් මුවහත් කර ගනිං.”
මහෙෂ් චන්දිම ධර්මප්‍රිය