Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බස්නාහිර අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට අද(05) සිට කොරෝනා මර්දන එන්නත

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අයත් තෝරාගත් රෝහල්වල අද(05) සිට එන්නත්කරණය ආරම්භ කෙරේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ දිනපතාම එම රෝහල් වෙත පැමිණීමෙන් බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට සයිනෝෆාම් එන්නත ලබාගත හැකි බවය.

ඒ අනුව, මෙහි ප්‍රධාන එන්නත්කරණ වැඩසටහන නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් ආරම්භ කෙරේ.

මීට අමතරව, වේරහැර හා පනාගොඩ යුද හමුදා රෝහල්වලදී එන්නත ලබාගත හැකි වේ.

කොළඹ, ගුවන්පුර ගුවන් හමුදා රෝහල හා රත්මලාන, කටුනායක හා ඒකල ගුවන් හමුදා කදවුරු ආශ්‍රීතව සහ වැලිසර නාවික හමුදා කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයේදී කොරෝනා එන්නත්කරණය සිදුකෙරෙනු ඇති.

Scroll to Top