රජයේ මැදිහත් වීම මත පාන් මිල වැඩි නොකිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය.
සෙරන්ඩිබ් සමාගම පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතිමුත් ප්‍රිමා සමාගම තාමත් මිල ඉහළ දමා නැතැයිද ඒ මහතා කීය.
තිරිඟු පිටි මිල ඉහළ ඉහළ දැමීම නතර කරන්නේ නම් පාන් වල මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි ද ජයවර්ධන මහතා කීය.ඒ අනුව පාන් මිල පැවති මිල ගණන්වලටම අලෙවි කරන බව ජයවර්ධන මහතා සඳහන් කළේය.