Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත තවත් 14ක් – කොවිඩ් මරණ 34ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මීට පෙර ද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 5 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණු අතර ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයින් සොයා ගැනීමට හැකියාව ලැබුණු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක ද ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු 14 දෙනා අතර සිටින බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම සේවිකාව රත්ගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක බව දවාර්තා වී තිබේ. ගාලු දිස්ත්‍රික්කයෙන් ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු රෝගියකු වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වූ ගොඩකවෙල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 30 දෙනෙකුට කළ PCR පරීක්ෂණවලින් 26 දෙනෙකුම ආසාදිතයින් ලෙස තහවුරු වී තිබේ.

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ඇගලුම් කර්මාන්තශාලාවක් පසුගිය 26වැනිදා වසා දමා තිබේ.

මේ හේතුවෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වූ පවුල් 150ක් නිරෝධානයට යොමු කෙරුණි.

තවත් කොවිඩ් මරණ 34ක් ඊයේ (03) දිනය තුළ මෙරටින් වාර්තා වී තිබේ.

එම මරණවලින් 13දෙනෙක් කාන්තාවන් වන අතර 21ක් දෙනෙකු පිරිමි පුද්ගලයින්ය.

ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,191කි.

Scroll to Top