Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විමලසුරෙන්ද්‍ර විනාශය අතලගයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයට ඉහලින් වු වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක ගොම දියර සහිත අපද්‍රව්‍ය විමලසුරෙන්ද්‍ර ජලාශයට ජලය ගලා බසිනා ඇල මාර්ගයට ගලා බැසිම නිසා විශාල පරිසර හානියක් සිදු වි ඇති බව ප්‍රදේශවාසින් පවසයි.

වටවල ප්‍රදේශයේ සිට විමලසුරෙන්ද්‍ර ජලාශයට ජලය ගලා බසිනා නෝටන්බ්‍රිජ් ඇල මාර්ගය දිගේ එම සත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් ඉතා සුක්ෂම ලෙස දිනපතා අවස්තා කිහිපයකදි අපද්‍රව්‍ය ජලයට බැහැර කරන බවත්, විමසුරෙන්ද්‍ර ජලාශයට ගලා බසින එම අපද්‍රව්‍ය කෙසෙල්ගමුඔය දිගේ කැලණි ගගට  ගලා බසින බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

වටවල සත්ව ගොවිපලේ සිට විමලසුරෙන්ද්‍ර ජලාශය දක්වා ජලය ගලා බසිනා ඇළ මාර්ගය දෙපස වතු ආශ්‍රිත ජනතාවත්, නෝටන්බ්‍රිජ් ජලාශය අවට පදිංචිකරුවන් විශාල පිරිසක් එම ජලය දෛනික කටයුතු සදහා පරිහරණය කරන බවත්, ජලාශ වේල්ලට පහලින් කෙසෙල්ගමුඔය දෙපස පදිංචිකරුවන් විශාල පිරිසක් එම ජලය පරිහරණය කරන නිසා පවත්නා තත්ත්වය මත එම ජනතාව දැඩි පිඩාවට පත් වි ඇති බවද නෝටන්බ්‍රිජ් ප්‍රදේශවාසින් කියා සිටියි.

ගලා බසින ජලය සමග ගොම දියර සහ ගවයන්ගේ මලපහ ගලා බැසිම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුගන්ධයක් හමන බවත්, මේ සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසියටද අවස්තා කිහිපයකදි පැමිණිලි කර ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අප නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සත්ව ගොවිපලේ බැහැර කරන අපද්‍රව්‍ය ඇල මාර්ගයට මුදා නොහරින ලෙසට එම සත්ව ගොවිපලේ පාලන අධිකාරියට අවස්තා කිහිපයකදි දැනුම් දුන් බවයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top