පවතින කොරෝනා වසංගතයෙන් ජනතාව හා නිළධාරීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බර්ටි දිසානායක පදනම මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ට මුහුණු ආවරණ (face shield) ලබා දෙයි…
කොවිඩ් තත්ත්වය හමුවේ වුවත් අත්‍යවශ්‍ය රාජකාරි වල නිරතවන රාජ්‍ය නිලධාරින් වෙත මුහුණු ආවරණ ( face shield) ප්රදානය කිරීමේ වැඩසටහනක් බර්ටි දිසානයක පදනමෙන් ආරම්භ කර ඇත. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් වෙත මෙම ආවරණ බෙදා දිම සිදුකරයි.
එහි පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සදහා අවශ්‍ය මුහුණු ආවරණ 500 ක් අනුරාධපුර මහ දිසාපතිවරයා වෙත භාර දීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් සිදු කරනු ලැබිය.
දිස්ත්‍රික්කයේ පවතින සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ද මෙම ප්‍රදානයන් සිදුකිරීමට නියමිත අතර, එ යටතේ මුහුණු ආවරණ 5005 ක් බෙදා දීමට නියමිතය.
මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා අබේසේකර , රුවන් නවරත්න යන මහත්ම මහත්මීන් හා සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමී රත්නායක මෙනවිය මෙන්ම පරිපාලන නිලධාරී චන්දන වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
තිසර සමල් එප්පාවල