දිවයින පුරා හෙදියන් විසින් (01) දින සිට ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දික්ඔය මුලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින්ට සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ට හෙදියන්ගෙන් සිදු විය යුතු සේවය දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදු කරන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.
කදුකරයේ ප්‍රධාන රෝහලක් වශයෙන් හැදින්වෙන දික්ඔය මුලික රෝහලට සායන කටයුතු සදහා විශාල රෝගින් පිරිසක් පැමිණ සිටි අතර, එම පැමිණි රෝගින්වද දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් , සේවයට පැමිණ සිටින කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන්ගේද සහයෝගය ඇතිව රෝගින් පරික්ෂා කර බලා අවශ්‍ය ඖෂධ ලබා දිම සහ ප්‍රතිකාර ලබාදිම සිදු කරනු ලැබුහ.
හැටන් – රංජිත් රාජපක්ෂ