නානුඔය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ වැඩි මිලට අලෙවි කිරිම සදහා සගවා තිබු රසායනික පොහොර මිටි 129 ක් (30) දින තම භාරයට ගත් බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ ජෙෂ්ඨ විමර්ෂණ නිලධාරි ජේ.එම්.ආර්.කරුණාරත්න මහතා පැවසිය.
නානුඔය නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍යය සහ රසායනික පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයෙකු වැඩි මිලට ඉතා රහසිතගතව රසායනික පොහොර අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාද දුතයෙකු යොදවා වැඩි මිලට පොහොර මිටියක් ලබාගැනිමෙන් අනතුරුව එම ව්‍යාපාරිකයාගේ නිවසේ තිබු පොහොර තොගය තම භාරයට ගත් බවයි විමර්ෂණ නිලධාරියා කියා සිටියේ.
සැකකරු සන්තකයේ අල පොහොර ,කොල පොහොර , ටි.ඩි.එම් , කැට පොහොර ඇතුළු රසායනික පොහොර කිලෝ 50 මිටි 129 ක් තිබු බවත්,එම පොහොර තොගය තම භාරයට ගෙන නානුඔය පොලිසියේද සහයෝගය ඇතිව ආරක්ෂිත ස්ථානයක ගබඩා කර එම ගබඩා කාමරය මුද්‍රා තබා ඇති බවද විමර්ෂණ නිලධාරිවරයා පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරු ඇපකරයක් මත මුදා හැර ඔහුට එරෙහිව මේ මස (08) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ ජෙෂ්ඨ විමර්ෂණ නිලධාරි ජේ.එම්.ආර්.කරුණාරත්න මහතා පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ