Aboutceylon Online

ජිවන බර ඉහල යාමට විරෝධය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වැඩි කල ඉන්ධන මිල , රටේ පවතින රසායනික පොහොර හිගය සහ ජිවන බර ඉහල යාම මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ  නාවලපිටිය නගරයේදි උද්ඝෝෂනයක නිරත විය.

ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ පස්බාගේ කොරලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි තිලකසිරි විජේරත්න මහතා විසින් මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුණි.

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව නාවලපිටිය නගර මධ්‍යයේදි පැවැත් වු මෙම උද්ඝෝෂනයේදි අදහස් දැක් වු ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ පස්බාගේ කොරලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි තිලකසිරි විජේරත්න මහතා කියා සිටියේ

ජනතාවට ජිවන බර වැඩි වෙලා දරා ගන්නා බැරි වෙලා තියෙනවා, තෙල් මිල වැඩි කරලා ජනතාවට දරා ගන්න බැ.

කොරොනා සමය තුල ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා එන්නත්කරණය සාර්ථකව කර ගන්න.

අධ්‍යාපනය අඩාල වෙලා තියෙනවා , ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා දරුවන්ට ඔන්ලයින් අධ්‍යපානය ලබාදෙන්න සුදුසු වැඩපිලිවෙලක් යොදන්න.

ගොවියගේ නිෂ්පාදනයට අවශ්‍යය පොහොර ටික දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා.

පොහොර වලට අවිද්‍යාත්මක වැඩ පිලිවෙලක් ගෙන්නලා තියෙනවා.

ජනාධිපතිවරයගේ ඉදන් මන්ත්‍රිවරු දක්වා පිස්සු නටමින් ඉන්නේ.

ගොවියා, ධිවරයා මහ පාරට වැටිලා තියෙනවා, අඩු ආදායම්ලභින්ට දෙන්න යොජනා කරපු රු පන්දහස දුන්නද?

මේ ආණ්ඩුව ජනතාව රකින ආණ්ඩුවක් නෙවෙයි, ජනතාවට ද්‍රෝහි වෙන ආණ්ඩුවක්. යනුවෙන් පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top