Aboutceylon Online

කාසල්රි ජලාශයට මිරිදිය මත්ස්‍ය ඇගිල්ලන් හැටදහසක් මුදා හරි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාසල්රි ජලාශයට මිරිගල් මත්ස්‍ය ඇගිල්ලන් හැට දහසක් (30) දින මුදා හරිනු ලැබුහ.

උඩවලව කාෆ් මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මිරිගල් මත්ස්‍යය ඇගිල්ලන් මෙසේ ජලාශයට මුදා හරිනු ලැබුහ.

ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරියේ සහ කාසලරි ජලාශයේ ධිවර සමිතියේ ප්‍රතිපාදන මත මත්ස්‍ය ඇගිල්ලන් ජලාශයට මුදා හරිනු ලැබුහ.

කාසල්රි ජලාශයට මුදා හරිනු ලැබු මිරිගල් මත්ස්‍ය ඇගිල්ලන් වසරක් වැනි කාලයක් තුල කිලෝ 2-3 අතර ප්‍රමාණයට වැඩෙන බවත්,ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් කාසල්රි ජලාශයට මේ වන විට මත්ස්‍යය පැටවුන් සහ ඉස්සන් පැටවුන් ලක්ෂ 6 ක් පමණ මේ වසර තුල මුදා හැර ඇති බවත්, ඉදිරි මාස කිහිපය තුල තවත් මත්ස්‍ය පැටවුන් ලක්ෂ දෙකක් මුදා හැරිමට කටයුතු කරන බවයි නුවරඑලිය ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලයේ ව්‍යාප්ති නිලධාරින් බුද්ධික කුෂාන් මහතා කියා සිටියේ.

වතුකරයේ ජනතාවට ඉතා අඩු මිලට මිරිදිය මත්ස්‍යන් ලබා දි ඔහුන්ගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමත්, කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ සහ ඔහුන්ගේ පවුල් වල අදායම් තත්ත්වය ඉහල දැමිම සදහා ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකරිය විසින් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට සහ වතු ආශ්‍රිත පොකුණු ජලාශවලට මත්ස්‍යය පැටවුන් මුදා හරින බවයි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top