Aboutceylon Online

කොවිඩ් ප්‍රතිකාර රෝගින් සදහා මිලියන 3ක ඇදන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දික්ඔය මුලික රෝහලේ සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් හදිසි ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගින් සදහා ඇදන් 40 ක් පරිත්‍යාග කිරිම දික්ඔය මුලික රෝහලේදි සිදු කෙරිණ.

බගවන්තලාව සහ වටවල වර්ල්ඩ් විෂන් ආයතනයේ ඉල්ලිමක් පිරිදි එන්.ඩි.බි (ජාතික සංවර්ධන බැංකුව) බැංකුවේ මුල්‍ය අනුග්‍රහයෙන් ඇදන් 40 මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් විරසුරිය මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එම්.එම්.එස්.එන්.මනතුංග මහතා වෙත ජාතික සංවර්ධන බැංකුවේ ජෙෂ්ඨ කලමණාකාර ෂැරොන් ද සිල්වා මෙනවිය විසින් භාරදෙනු ලැබුහ.

පරිත්‍යාග කරනු ලද ඇදන් 40 න් ඇදන් 25 ක් දික්ඔය මුලික රෝහලට සහ ඉතිරි ඇදන් 15  නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදිම සදහා මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වෙත වර්ල්ඩ් විෂන් ආයතනයෙන් ලබා දි ඇත.

ඇදන් පරිත්‍යාග කිරිමේ අවස්තාවට දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා, බගවන්තලාව සහ වටවල වර්ල්ඩ් විෂන් ආයතනයේ ප්‍රාදේශිය කලමණාකාර බෙන්ජමින් දාසන් මහතා සහ , ජාතික සංවර්ධන බැංකුවේ නිලධාරින් පිරිසක් සහභාගි විය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top