නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම පිරිස අදාළ ස්ථානයේදී ම නිරෝධායනය කර ඇති බවයි.
දින 14 ක නිරෝධායන කාලය අවසන් වූ පසු ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කීය .
සෞඛ්‍යය නීති උල්ලංඝණය කරමින් පල්ලිමුල්ල ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් අනුව සෞඛ්‍ය බලධාරීන් සහ පොලීසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබුණි.