Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වරප්‍රසාද මත ලිස්සා යන සල්ලාලයෝ බේබද්දෝ මහමග චන්ඩි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ යැයි කියන වචන වලට පමණක් සීමා උන උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල දෙදෙනා එංගලන්තයේ පරාජිත තරගයෙන් පසු එදින රාත්‍රියේ ඩර්ම්හැම් නුවර විශ්ව විද්‍යාලයක් යාබදව පිහිටි ප්‍රකට සමාජ ශාලාවේ මත්වෙමින් විනෝදවෙමින් කාලය ගතකර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇත.

මේ දෙන්නා සමග පැමිණි ධනුෂ්ක ගුණතිලකවද පසුව  හඳුනාගන්නට ලැබී ඇත. ඔවුන් පීසා අතේ තියාගෙන කමින් සිගරට් බොමින් වීදි පුරා ඇවිදිමින් සිටිනු නිරීක්ෂණය වී ඇත.

එම තිදෙනා එලෙස ඇවිද යමින් සිට ඇත්තේ ඩර්ම්හැම් නුවර විශ්ව විද්‍යාලයක් යාබදව පිහිටි ප්‍රකට සමාජ ශාලාවේ සිට ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානය වෙතය.

ධනුෂ්ක , කුසල් හා දික්වැල්ල ඒ සමාජ ශාලාව වසාදමන තුරු එහි කාලය ගත කර එයින් පිටව ඇති සෙයක් හැඟී යන අතර එළියට යමින් සිටි තරුණියන් කණ්ඩායමක් දෙස හැරී බලමින් කථාබස් කරනා සෙයක් මුල් වීඩියෝ වල දැක්වේ.

ඔවුනට පනවා ඇති නීති අනුව රාත්‍රී 11 වනවිට නවාතැන් ස්ථානය වෙත පැමිණිය යුතු වුවත් රාත්‍රී 12 පසුවීත් එසේ කර නැති අතර ඒ ගැන සොයාබලන්නට භාරව සිටි නිලධාරිනියගේ නොසැලකිල්ල හෝ හිතාමතා ඇයද වරදට රුකුල්දී ඇති බව හඳුනාගන්නට ලැබී ඇත.

ධනුෂ්ක ගුණතිලක අතවර සිද්ධියක් ඇතුළු විනය විරෝධී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ චෝදනාවට ලක්වූ අතර කුසල් මෙන්ඩිස් දකුණු පසින් වාහනයක් ධාවනය කර පාරේ ගමන් කළ අයෙකු මරාදැමීම නිසා පසුගිය කාලයේ කතාබහට ලක් විය.

ඔවුන්ට වරප්‍රසාද හැකියාව නිසා බොහෝ විනය ප්‍රශ්න ලිස්සා යාමේ වාසියද හිමිකරගෙන සිටින්නන්ය.

“කළු සුද්දන්ගේ ගේම් එක” වෙනුවෙන් දක්වන රාජ්‍ය-අනුග්‍රහය නවත්තලා අනෙකුත් ක්‍රීඩා නියෝජනය කරන “රට වෙනුවෙන්” කැපවී සිටින දක්ෂ; අහිංසක; විනය-ගරුක; සැබෑ “ක්‍රීඩකයින්” දිරිමත් කරන්නට කාලය ඇවිත් නේද?

 

Scroll to Top