Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

PCR අඩු කරලා වසංගත සෙල්ලම ආයෙත් කරලියට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දවසකට කරන්න ඕනේ පරීක්ෂණ ප්‍රමාණය සතියකටවත් කරන්නේ නැහැ. මාර්තු කරපු වැරැද්ද අයෙත් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාරවල PCR පසුගිය දින හතේ සාමාන්‍ය 55000ටත් අඩුයි. වසංගතයේ පැතිරීමට අනුව දිනකට පරීක්ෂණ පනස් දහසකට වඩා සිදු කල යුතුයි.

නැවත වතාවක් පසුගිය මාර්තු මාසයේදී සිදු වූ වරද, නැවත සිදුවෙමින් පවතිනවා. දිනකට පරීක්ෂණ හත් දහසක් සිදු කර, සීඝ්‍රයෙන් පැතිරෙන වසංගතයක් පාලනය කිරීමට හැකියාවක් නැහැ.

ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ඉතා හොඳින් රසායනාගාරවල සිදුකෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි මාර්ගෝපදේශ පාවිච්චි කරමින්, රෝහල් බලධාරීන් සහ ඊනියා විශේෂඥයින්, එය අ යන්නට ඉඩ හැරලා.

ප්‍රතිදේහ පරීක්ෂණ නැතුව ශල්‍යකර්ම නැහැ. හදිසි ප්‍රතිකාර නැහැ. වාට්ටු වල ක්ෂණික ප්‍රතිදේහ වලට නිදර්ශක ගන්න කෙනෙකුත් නැහැ. ප්‍රතිකාර නැතුව රෝගීන්ට මිය යෑමට සිදුවෙලා.

ස්ථානීය පරීක්ෂණ යන්ත්‍ර සහ ජංගම වෛද්‍ය රසායනාගාර ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට කොතරම් කීවත් එය ඉටු වූයේ නැහැ. අපි ජාත්‍යන්තර ආයතන වලට ලිව්වා. ලංකාවේ ධානපතියන්ට කිව්වා. මේ වන විට ප්‍රතිපාදන ලැබෙමින් පවතිනවා. ලැබුණු ප්‍රතිපාදන වලින් වැඩේ කර ගන්න බැරුව, සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනක් ලතවෙනවා.

රවී කුමුදේශ්
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Scroll to Top