Aboutceylon Online

එප්පාවල කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම බලාත්මක කරමින් අනුරාධපුර එප්පාවල මහවැලි එච් කලාපයේ කාබනික පොහොර නිෂ්පාදනය මධ්‍යස්ථානයක් පසුගියදා ආරම්භ කෙරිණි.

ඉඩම් අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතාගේ මැදිහත්වීමේන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගියදා නිරත විය.

කාබනික පොහොර නිෂ්පාදනය වඩාත් ප්‍රමිතිගතව හා කාර්යක්ෂමව කිරිමට අවශ්‍ය විද්‍යාත්මක  සහය ලබාදිම මෙම නීරික්ෂණ චාරිකාව වේ අරමුණු විය. කාබනික පොහොර නිෂ්පාදනයේදි අත්‍යවශ්‍ය වන පරිසර හිතකාමී ක්ෂුද්‍ර ජීව තාක්ෂණය හා එයින් ළුලදායි අස්වැන්නක් ලබාගත හැකි අයුරු අමාත්‍යතුමිය ඇතුළු විද්වත් කමිටුව මෙහිදි පෙන්වා දුන් දෙන ලදි.

ඉතා දිගු කලක් රසායනික පොහොර භාවිතය නිසා අදවන විට පසෙහි සිටින පරිසර හිතකාමී ක්ෂුද්‍ර ජීවීන් විශාල ලෙස විනාශ වී ගොස් ඇති නිසා නැවතත් එම ක්ෂුද්‍ර ජීවින් පසතුලට යොමු කිරීමෙන් පෙර පරිදිම සාර්ථක , ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව ඉදිරිපත් කෙරිණි.

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිඨයේ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා ඇතුළු විද්වත් පිරිසක් ද, මෙම මධ්‍යස්ථානය භාරව සිටින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී විය.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ 

Scroll to Top