Aboutceylon Online

ගිනිගත්හේන පොල්පිටියේ පොලිස් ස්ථානය විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ අලුතින් ස්ථාපනය කරන ලද පොලිස් ස්ථානය මධ්‍යම පලාත් භාර ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් (28) දින විවෘත කරනු ලැබුහ.

ගිනිගත්හේන පොල්පිටිය නව පොලිස් ස්ථානය මගින් කළුගල , පොල්පිටිය , දාගම්පිටිය , කෙහෙල්වරාව , මොරහේනගම , හිටිගේගම , මිනුවන්දෙණිය යන ග්‍රාමසේවා වසම් ආවරණය කරන අතර, මෙතෙක් එම ග්‍රාමසේවා වසම් ගිනිගත්හේන සහ නෝටන්බ්‍රිජ් යන පොලිස් ස්ථාන මගින් ආවරණය කරනු ලැබුහ.

ගිනිගත්හේන පොල්පිටිය නව පොලිස් ස්ථානයට සමනල ජල විදුලි බලාගාරය , අලුතින් ඉදිවන බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයද අයත් වන අතර නව පොලිස් ස්ථානයේ වැඩ  බලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් පොලිස් පරික්ෂක කේ.ජි.රංජන් අබේවංශ මහතා කටයුතු කරනු ලබයි.

හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි කොට්ඨාශය තුල මෙවැනිම තවත් නව පොලිස් ස්ථානයක් මස්කෙලිය අප්කට් ප්‍රදේශයේ ආරම්භ කිරිමට පොලිස් දෙපාර්තුමේන්තුව මේ වන විට පියවර ගෙන ඇත.

හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි බල ප්‍රදේශයට නව පොලිස් ස්ථානය විවෘත කිරිමත් සමග හැටන්, බගවන්තලාව , නොර්වුඩ් , මස්කෙලිය , නල්ලතන්නිය, නෝටන්බ්‍රිජ්,  ගිනිගත්හේන , වටවල සහ පොල්පිටියයන  පොලිස් ස්ථාන 09 ක් අයත්ය.

නව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් භාර නියොජ්‍ය පොලිස්පති චන්දන අලහකොන්,හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා , අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් රැසක් සහභාගි විය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top