වසර 1818 ඔක්තෝබර් මාසයේදී ඉංග්‍රීසීන් විසින් තහනම් කරනු ලැබූ දේශිය අංගම්පොර සටන් කලාවේ තහනම අති විශේෂ ගැසට් පත්‍රයකින් ඉවත් කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිංහල තරුණයන්ගෙන් ඉංග්‍රීසි ජාතිකයන්ට විශාල අභියෝගයක් වූ අංගම්පොර සටන් කලාව යටත් විජිත යුගයේ තහනම් කළ ද එය වසර 202කට අධික කාලයක් රහසිගතව පාරම්පරිකව පවත්වාගෙන ගිය බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
අංගම්පොර සටන් ශාස්ත්‍රය හදාරන අය තුළ අනෙක් ක්‍රීඩාවල නියැළෙන ක්‍රීඩකයන්ට එහා ගිය දරාගැනීමේ ශක්තියක් තිබෙන බව පෙනෙනවා.
අනෙකුත් ක්‍රීඩාවල නියැළෙන ක්‍රීඩකයන්ටත් මෙහි ඇති දැනුම හුවමාරු කර ගෙන තම තමන්ගේ දරාගැනීමේ ශක්තිය වැඩි දියුණු කරගත හැකියි. අංගම්පොර සටන් කලාව දේශීය සටන් කලාවක්.
දේශීය දේවල් රැක ගැනීම අපේ යුතුකමක්. මෙවැනි දේශීය සටන් ක්‍රම සහ ජන ක්‍රීඩා ජාතික මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් හදන්න බලාපොරොත්තු වෙනවා.
අංගම්පොර සටන් ශාස්ත්‍රය ඇතුළු අපේ පැරණි ජන ක්‍රීඩා හා සටන් ක්‍රම පිළිබඳ පර්යේෂණාත්මකව සොයා බලා ඒවා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිතව රැක ගැනීම එම ක්‍රීඩා දැනුම සංරක්ෂණය කිරීමට කෞතුකාගාරයක් ඉඳිකරන්නත් බලාපොරොත්තු වෙනවා” ඇමැතිවරයා පැවසීය.
ආයුධ හරඹ ආශ්රිත අංගම්පොර ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින කෝට්ටේ යුගයට හා දඹදෙණිය යුගයට සම්බන්ධ ගුරුකුලද, නුවර යුගය, සීතාවක යුගය, රිටිගල යුගය ඇතුළු අනෙකුත් යුග ගණනාවක ගුරුකුලවලට අයත් සියලු දෙනා එක්ව මේ විෂය මාලාවක් සකස් කිරීමට පියවර ගෙන ඇත.