වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් ආරම්භ කළ තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එහි අධ්යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය ලබා ගන්නා තෙක් වැඩකටයුතු නතර කිරීමට කටයුතු කළ බවයි .
පසුගිය 20 වනදා හම්බන්තොට තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ විශය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී රුහුණු රාජධානිය ගොඩ නැංවූ යටාල තිස්ස රජු විසින් හෝ ඔහුගේ මාමා වන අනුරාධපුර රාජධානියේ රජකළ දේවානම් පියතිස්ස රජු විසින් මෙම තිස්සමහාරාම වැව ඉදිකළ බවට සැලකේ.
ඓතිහාසික වටිනාකමක් ඇති අපේ උරුමයක් වන තිස්සමහාරාම වැවට සිදුවන්නට ගිය හානිය දින 6ක් වැනි කෙටි කාලයක් තුළ වළක්වා ගැනීමට පියවර ගත් පුරාවිද්‍යා අධ්යක්ෂන ජනරාල් වරයා ඇතුළු පුරාවිද්‍යා දොපර්තමේන්තුවටත් ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝගයෙන් මෙම ව්‍යාපෘතියේ වැඩ තාවකාලිකව නතර කෙරුණ ද ව්‍යපෘතියට සම්බන්ධ ඇතැම් චීන ජාතිකයින් චීන මහජන විමුක්ති හමුදාවේ කැළෑ නිළ ඇඳුමට සමාන ඇඳුම් ලා ගෙන සිටීම සම්බන්ධයෙන් තවමත් සංවාදාත්මක තත්ත්වයක් පවතී.