Aboutceylon Online

වෙළදසැල්19 ක ව්‍යාපාරිකයන්ට සහ සහයකයන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බගවන්තලාව නගරයේ වෙලදසැල් 19 ක් (26) දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

බගවන්තලාව නගරයේ වෙලදසැල්වල හිමිකරුවන් සහ එම වෙලදසැල් වල සේවය කරන වෙලදසැල් සහකයන්ව අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවත්,එම පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව වෙලදසැල්19 ක ව්‍යාපාරිකයන් සහ වෙලදසැල්වල සේවය කරන සේවකයන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම වෙලදසැල් වසා දැමිමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

තාවකාලිකව වසා දැමුණු වෙලදසැල් අතර තොග සහ සිල්ලර වෙලදසැල්, ග්‍රොසරි , මත්ස්‍ය වෙලදසැල්,පොත් අලෙවිසැල්  සහ ආපන ශාලා දෙකක් ඇතුලත් බවත්,එම වෙලදසැල් වල හිමිකරුවන් සහ වෙලදසැල් සේවකයින්ගේ පවුල් වල සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (25) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 31 දෙනෙකු වතු යායවල් 05 කින් හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

(22) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ අනුව නව අසාදිතයන් 31 දෙනා හදුනාගත් බවත්, එම අසාදිතයන් බගවන්තලාව වත්ත 19 , කොටියාගල වත්ත 06 , බොගවාන වත්ත 04 ,ටින්සින් වත්ත 01 , තෙරේසියා වත්ත 01 වශයෙන් හමු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 746 ක් හමුවි ඇති බවත්,කොවිඩ් මරණ 18 වර්තා වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

නව අසාදිතයන් 31 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට සහ අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

නාවලපිටිය කැටබුලාව වත්ත මැද කොටස හුදකලා කෙරේ

කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් කැටබුලාව 460-ජි ග්‍රාමසේවා වසමේ කැටබුලාව වත්ත මැද කොටස (26) දින උදැසන 6 සිට හුදකලා කල බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසිය.

හුදකලා කල කැටබුලාව වත්ත මැද කොටසේ අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා එම වතු යාය හුදකලා කිරිමට තිරණය කල බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් විශාල පිරිසක් සිටින බවත්, එම පිරිස මේ වන විට ස්වයං නිරෝධානයට යොමු කල බවයි බන්දුල වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

හුදකලා කල නාවලපිටිය කැටබුලාව වත්ත මැද කොටසට කිසිවෙකුට පිටතින් ඇතුල්විමට හෝ එම කොටස් පදිංචිකරුවන්ට පිටතට ඒමටත් නොහැකි බවයි බන්දුල වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

හුදකලා කරන ලද නාවලපිටිය කැටබුලාව මැද කොටසට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

හැටන් රංජිත් රාජපක්ෂ

Scroll to Top