Aboutceylon Online

කෙසෙල්ගමුඔයට කසල තේ මිශ්‍ර කිරිම සම්බන්ධයෙන් පොලිසිය විමර්ෂණයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට කසල තේ එක් කිරිම සම්බන්ධයෙන් නොර්වුඩ් සහ බගවන්තලාව යන පොලිස් ස්ථානවල පරිසර ඒකක විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

කාසල්රි ජලාශයේ සිට බගවන්තලාව දක්වා කෙසෙල්ගමුඔය කිලෝමිටර් 20 ක් පමණ දුරට ගලා බසින අතර,එම ඔය දෙපස පිහිටි තේ කර්මාන්ත ශාලාවකින් (25) දින ඉවතලන කසල තේ ජලයට මිශ්‍ර කර තේ කර්මාන්ත ශාලාවේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා කුඩා ඇල මාර්ගයක් ඔස්සේ  බැහැර කිරිම නිසා කෙසෙල්ගමුඔය (25) දින දවස පුරා තද කළු පැහැයෙන් ගලා බැසිම නිසා ඔය දෙපස ඔයේ ජලය පරිහරණය කරන අය දැඩි අපහසුතාවයට පත් වි සිටි අතර,ඔයේ ජලය කළු පැහැයෙන් ගලා බැසිම නිසා කෙසෙල්ගමුඔයේ ජෛව විවිධත්වයට සහ කෙසෙල්ගමුඔයේ ජිවත් වන මත්ස්‍ය සම්පතය දැඩි බලපැමක් එල්ල වි තිබුණි.

තේ කර්මාන්ත ශාලාවල ඉවතලන කසල තේ ඇතුළු අපද්‍රව්‍යය බැහැර කිරිමට නිසි පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකර සෘජුවම එම අප ද්‍රව්‍යය කෙසෙල්ගමුඔයට මුදා හරින බවයි එම ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

තේ කර්මාන්ත ශාලාවල ඉවතලන අපද්‍රව්‍යය බැහැර කිරිමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මගින්ද කෙසෙල්ගමුඔය දෙපස පිහිටි තේ වතු වල වතු අධිකාරිවරුන්ට උපදෙස් ලබා දි ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top