වැව් බැදි රාජ්‍ය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ඇති තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට පසුගිය දා අමුතු ඇඳුම් ලා ගත් පිරිසක් සම්බන්ධ වී සිටිනු දක්නට ලැබිණ.
මෙම ඇඳුම චීන මහජන විමුක්ති හමුදාව භාවිත කරන කැළෑ ඇඳුම සමග සැසඳීමේදී යම් සමානතාවක් දක්නට ලැබේ.
තිස්සමහාරාම වැවේ ආරම්භ වී ඇත්තේ සිවිල් වැඩකටයුත්තක් වන අතර එවැන්නකට හමුදා කැළෑ ඇඳුමට සමාන ඇදුම් ලාගෙන සම්බන්ධ වී සිටින මොවුන් කවුරුන්ද ?
තිස්සසමාහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
තිස්සමහාරාම වැව රුහුණු රාජධානිය ගොඩ නැංවූ යටාල තිස්ස රජු විසින් හෝ ඔහුගේ මාමා වන අනුරාධපුර රාජධානියේ රජ කළ දේවානම් පියතිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේදී ඉදිකළ බවට සැලකෙයි.
තිස්සමහාරාම ප්‍රදේශයට දැඩි ආකර්ෂණයක් එක්කර ඇති මෙම වැව අතීත ශ්‍රී ලංකාවේ රුහුණු රටේ අභිමානය මැනවින් කියාපාන්නකි.