Aboutceylon Online

දිනකදී සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ වාර්තා වෙයි – ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු  (21දා) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (22) තහවුරු කළේය.

මෙය එක් දිනකදී සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වේ.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,704 ක් දක්වා ඉහළ ගොස් ඇත. පිරිමි අය 33 දෙනෙක් සහ කාන්තාවන් 38 දෙනෙක් මියගිය අය අතර වෙති.

ඊයේ (22) දින මේ දක්වා(9.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,071ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක 02ක අයත් ප්‍රදේශ කිහිපයක් අද (23) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි හුදකලා භාවයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ,

නාගරාජ වලව්ව පෙදෙස

මඩකලපුව දිස්ත්‍රික්කය

වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ,

1 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206
2 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206

කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයේ,

කාත්තන්කුඩි කොටස 4
කාත්තන්කුඩි කොටස දකුණ
කාත්තන්කුඩි කොටස 5
නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර
නව කාත්තන්කුඩි කොටස උතුර
නව කාත්තන්කුඩි කොටස දකුණ
කරබලා පාර, ඒ.එල්.එස් මාවත, නුරානිය සුසාන භූමිය හා බීච් පාර

Scroll to Top