සෞභාගයේ දැක්ම කරා රට ගෙනයමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවනිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මැදිහත්වීමෙන් අමාත්‍යාංශයට අනුබද්ධ වෘත්තීය අධ්‍යාපනය සපයන ආයතන වල කාර්මික අංශයේ අධ්‍යාපනයේ නිරත වන සෑම සිසු දරුවෙකුටම වැඩබිමේදී සුරක්ෂිතව තම ප්‍රායෝගික ක්‍රියාකාරම් වල නිරත වීම සඳහා ආරක්ෂිත ඇදුම් කට්ටලයක් (overall kit) නොමිලේ ලබා දීමට කටයුතු සිදු කෙරිණි.
මේ සදහා තිස් දහසක් පමණ අවශ්‍යව ඇති අතර ඒවා වඩාත් ප්‍රමිතියකින් හා උසස් තත්වයකින් මසා නිම කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි. මෙහි ප්‍රථම අදියර ලෙස ඉන් කොටසක් පසුගියදා අමාත්‍යංශයට බාර දීම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරන ලදී.