කොවිඩ් ආසාදිතවූ තවත් 52 දෙනකු (20)දා මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (21) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,633 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පිරිමි අය 30 දෙනෙක් සහ කාන්තාවන් 22 දෙනෙක් මියගිය අය අතර වෙති.
මියගිය අයගෙන් 41 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 10 දෙනකු සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද මියගොස් ඇත.
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,732 දෙනකු ඊයේ (21) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,41,421 කි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ සිට ලබන ජූලි මස 5 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට යටත්ව කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් බව විශේෂ දැනුම් දීමක් ලෙස සිහි කැඳවනවා.
එම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.