Aboutceylon Online

අසරණ වූ සුනකයිගේ කුස ගින්න නිවු පුද්ගලයෙක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචරන සීමා පැනවීමත් සමගම අසරණ වූ සුනකයිගේ කුස ගින්න නිවුන පුද්ගලයෙකු පිලිබඳ හෙම්මාතගම ප්‍රදේශයෙදී දැකගැනීමට ලැබුනි.

කොරෝනා වසංගතය පැතිරීම වැලැක්වීම සඳහා රජය මගින් සංචරන සීම පැනවීමත් සමගම හෙම්මාතගම නගරයේ හා ආසන්න මාර්ගවල කුසගින්නේ පසුවන සුනකයින්ට අවශ්‍ය ආහාර සකස්කර ආහාරයට ගැනීමට ලබාදීමට පෙතිගම්මන පදිංචි උපාලි ප්‍රේමතිලක මහතා කටයුතුකරන ආකාරය පසුගියදා දැකගැනීමට ලැබුනි.

වෙනදා මෙන් නොව නගරයේ ගැවසෙන සුනකයින්ට අවශ්‍ය ආහාර සොයා ගැනීමට අපහසු වීම නිසා කුසගින්නේ පසුවන ආකාරය දුටුව පසු මෙසේ සුනකයින්ට අවශ්‍ය ආහාර සකස්කර සුනකයින් සිටින ස්ථානවලට ගොස් ආහාර ලබාදීමට කටයුතු කල බව පැවසීය.

සටහන සහ ඡායාරූප – හෙම්මාතගම රොහාන් සී ප්‍රේමතිලක

Scroll to Top