Aboutceylon Online

පොසොන් සතිය ඇරඹේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඊයේ (21) සිට ලබන 27 වැනි දා දක්වා ජාතික පොසොන් සතිය ප්‍රකාශයට පත්කර තිබේ.ඒ, ලොව සැමදෙනා සුවපත් වේවා යන තේමාවෙනි.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරට මිහින්තලාවට වැඩම කර වසර 2329 ක් පිරීම නිමිත්තෙන් මෙවර ජාතික පොසොන් උත්සවය සෞඛ්‍යය නිරෝධායන නීති වලට අනුව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා ජනාධිපති සහ අගමැතිවරයාගේ ප්‍රධානත්ව යෙන්  පැවැත්වෙන බව  ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය  වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි .

ජාතික පොසොන් සතිය තුල මිහින්තලා පුද බිම මුල් කර ගෙන රතන සූත්‍ර  දේශනාව,ධර්ම දේශනා ,ධර්ම සාකච්චා ඇතුළු විවිධ ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර  තිබේ. රාජ්‍ය  පොසොන් මහා පිංකම සෞඛ්‍ය නීති වලට සිදු කෙරේ.

පොසොන් සතිය තුළදී මිහින්තලා පුදබිමේ රතන සූත්‍ර දේශනාවක් පවත්වනු ලබන්නේ, විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේ විසින් ය.

මෙවර මිහින්තලා පොසොන් අලෝක පූජාව 23, 24 සහ 25 යන දිනවල පැවැත්වේ.රාජ්‍ය පොසොන් උත්සවය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් ය.ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සහ රාජ්‍ය නායකයින් ඒ සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නියමිතයි.

Scroll to Top