නවසීලන්තය සමග කි‍්‍රයාත්මක අයි.සී.සී. ටෙස්ට් කි‍්‍රකට් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දීය පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 217කට සිමා විය.
තරගය පැවැත්වෙන සදම්ප්ටන් කී‍්‍රඩාංගණයට පළමු දින දෙකේදී මෙන්ම ඊයේ දිනයේදීද වර්ෂාවෙන් බාධා එල්ලවීම මත තරගය ආරම්භ කිරීම මිනිත්තු කිහිපයක් පමා විය.
ඊයේ තරගය ආරම්භ කරන විටදී නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක විරාත් කෝලි ලකුණු 44කට දැවී ගිය අතර අජින්ක්‍යා රහනේ ලකුණු 49කට දැවී ගියේය. කෝලි සහ රහනේ අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සම්බන්ධතාවක්ද ගොඩනැගිනි.
රවිචන්ද්‍රන් අෂ්වින් පන්දු 27කදී ලකුණු 22ක් ලබා ගැනීමට සමත්වූ අතර හතරේ පහර 3ක් ඊට ඇතුළත් විය. කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් තරගයේ පළමු දිනය කිසිදු පන්දුවාරයක් යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවූ අතර තරගයේ දෙවැනි දිනය පන්දුවාර 64කට සීමා විය.