Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අනුමැතිය නොමැති හෙළ වෙදදුරන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා සඳහා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය කරන වෛද්‍යවරුන් තමන් සොයාගත් ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සඳහන් කරයි.

ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා කියා සිටියි.

කොරෝනා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය යවන වෛද්‍යවරුන් පිළිබඳව ජනතාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කළ හැකි බව ද එම පැමිණිලි [email protected] යන විද්‍යුත්  ලිපිනයට යොමු කළ හැකි බව ද මහාචාර්යවරයි පවසයි.

Scroll to Top