Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සුරාලෝලීන්ට අද සිට සුරාසැල් මදපමණින් විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචරණ සීමා ඉවත් කෙරෙන දිනවල මැත්පැන් අළෙවි කිරීම සදහා සුරාබදු බලපත්‍රලත් ස්ථාන සීමිත ලෙස විවෘත කිරීමට හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වයින් ස්ටෝර්ස් නමින් හැදින්වෙන බලපත්‍ර ලත් ස්ථාන හා බියර් සහ වයින් අළෙවි කිරීම සදහා බලපත් ලත් ස්ථාන පමණක් මෙලෙස විවෘත කළ හැකියි.

මීට අමතරව පාරිභෝගිකයන්ට මත්පැන් අළෙවි නොකරන හා මත්පැන් බෙදාහැරීමේ යෙදී සිටින සුරාබදු තොග වෙළඳ බලපත්‍ර ලත් ස්ථාන ද විවෘත කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මත්පැන් පානය කිරීම සදහා වූ ආපන ශාලා, හෝටල්, ආගන්තුක නිවාස, තානායම්, සිනමා ශාලා හා සමාජ ශාලා නැවත දැනුම් දෙනු තුරු විවෘත කළ නොහැක බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.

නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට කටයුතු නොකරන සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සදහන් කළා.

Scroll to Top