නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ද අද (21) අලුයම 4.00 සිට හුදෙකලා කර තිබේ.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමෙ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කළුදමද, හපුගස්තලාව, වීරපුර, බෙරමන දකුණ සහ පහළ ගොරකඔය යන ග්‍රාම නිලධාරි වසම් එලෙස හුදකලා කළ බවයි.
දිස්ත්‍රික්ක 12ක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 24ක් අද උදෑසන සිට හුදකලා කරන අතර දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරි වසම් 82ක හුදකලාභාවය ඉවත් කරන බව ද යුද හමුදාපතිවරයා ඊයේ (20) ප්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම යටිහේන , මීගහවත්ත සියඹලාපේ වත්ත සහ කිරිබත්ගොඩ නාහේන , අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ නව වලතපිටිය ගම්මානය,මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන මීරවෝදි නැගෙනහිර , මීරවෝදි බටහිර සහ මාන්වකෝලයි බදු රිය ,රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න දාපනේ, රත්නපුර මුල්ලෙ කන්ද වත්ත සහ කොට්ටල ,කළුතර දිස්ත්‍රික්කයේ මහ වස්කඩුව දකුණ සහ මිනේරිතැන්න සුනාමි ගම්මානය ,යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි සාවට්කඩ්ඩ්,මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල දෙමදඔය,නිකගොල්ල ,නිකගොල්ල උතුර ,ලග්ගල කිවුල වාඩිය සහ ගුරුවෙල,පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මරක්කලගම,නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන කැරොලිනා වතු වතුයායට අයත් කඩවල වත්ත කොටස ,ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව ගෝනවල බොල්තුඩුගම,මාතර දිස්ත්‍රික්කයේ වල්ගම පැලෑන දකුණ , කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ ආරාමය පෙදෙස 66 වත්ත මෙසේ හුදකලා කෙරෙන ග්‍රාම නිලධාරී වසම් ය.
එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමාවන් අද අලුයම 4ට ඉවත් කර තිබේ.
යළි ලබන 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
සංචරන සීමා ලිහිල් කෙරෙන අද දිනයේදී බස්නාහිර පලාත තුළ ක්ෂනික මාර්ග බාධක 700 ක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තිරණය කර තිබෙනවා. ඒ සදහා පොලිස් නිලධාරීන් 8,000 ක් පමණ යොදවන බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂඨ නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.