Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රටබිම අලෙවිසැල් වලට සුරාබදු නිලධාරින්ගෙන් දැඩි උපදෙස්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පනවා තිබු සංචරණ සිමා නිතිය (21) දින අලුයම 4 ට ඉවත් කිරිමෙන් අනතුරුව හැටන් ඇතුළු වතුකරයේ සියළුම නගර වල වෙලදසැල් විවෘත කිරිමට වෙලදසැල් හිමියන් කටයුතු කරනු ලැබුහ.

සංචරණ සිමා ඉවත් කිරිමත් සමග වසා දමා තිබු රටබිම මත්පැන්සැල්වල තබා තිබු මුද්‍රා ඉවත් කර එම අලෙවිසැල් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන ලෙස හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් දැඩි උපදෙස් මාලාවක් එම මත්පැන් අලෙවිසැල් හිමියන්ට වාචිකව ලබාදෙන  ලදි.

හැටන් නගරයේ වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.

සංචරණ සිමා නිතිය ඉවත් කිරිමෙන් පසු ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් ධාවනයට එක් කර තිබුණද එතරම් මගින් සංඛ්‍යාවක් නගර කරා පැමිණෙන ආකාරයක් දක්නට නොලැබිණ.

හැටන් නගරය ඇතුළු වතුකරයේ සියළුම නගර වලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

රටබිම අලෙවිසැල් විවෘත කිරිමත් සමග වතු කම්කරුවන්ට වැඩි මිලට මත්පැන් අලෙවි කිරිමට මත්පැන් බෝතල් තොගයක් රැගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට.

බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට වැඩි මිලට මත්පැන් අලෙවි කිරිමට මත්පැන් සහ බියර් බෝතල් තොගයක් රැගෙන ගිය සැකකරුවෙකු (21) දින අත්අඩංගුවට ගත් බව වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

හැටන් ෂැනන් ප්‍රදේශයේ (21) දින විවෘත කල පිහිටි මත්පැන් අලෙවිසැලකින් සැකකරු රජයේ අනුමත මත්පැන් බෝතල් 20 ක් බියර් බෝතල් 24 ක් ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් සැකකරු පදිංචි වටවල ලොනැක් වතු යායේ නිවසට රැගෙන යන අතරතුර සැකකරු සහ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ,සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව ස්ථානාධිපතිවරයා පැවසිය.

නාවලපිටිය ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට , සැකකරුවන් අතර කාන්තාවන් 02 ක්.

නාවලපිටිය ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් 06 දෙනෙකු (21) දින අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තරුණියන් දෙදෙනෙකුද සිටින බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂණ හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසිය.

සැකකරුවන් 06 දෙනා නාවලපිටිය සේලන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසක හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි බවත්,සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ප්‍රදේශයේ බෙදා හැරිම සදහා ඔහුන් සන්තකයේ තිබු හොරොයින් මත්ද්‍රව්‍යය මිලිග්‍රැම් 112 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර සහ නාවලපිටිය පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවු 24 -36 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, අත්අඩංගුවට ගත් එක් තරුණියක් අපරාධ රැසකට සම්බන්ධ සැකකාරිනියක් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Scroll to Top