සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා වූ ආචාර්ය කෙනත් කවුන්ඩා ඊයේ මෙලොවින් සමුගත්තේය.
නිව්මෝනියා රෝගය වැලඳීමෙන් ඔහු සැම්බියාවේ ලුසාකා අගනුවර හමුදා රෝහලකට ඇතුළත් කර තිබිණි.
මිය යන විට 97 හැවිරිදි වියේ පසු වූ කවුන්ඩාට කොවිඩ් ආසාදනය වී නොතිබූ බව ඔහුගේ සමීපතමයෝ පවසති. කේ.කේ. නමින් අප්රිකාව පුරා ජනප්රිය චරිතයක් බවට පත් වී සිටි කවුන්ඩා වසර 27ක්ම අඛණ්ඩව සැම්බියාවේ ජනපති පදවියේ කටයුතු කළේය.
1964 දී සැම්බියාවේ ප්රථම ජනපති ලෙස පත්වූ කවුන්ඩා 1991 දී දේශපාලනයෙන් ඉවත් විය. මේ අතර සැම්බියා රජය දින තුනක ශෝක කාලයක් ප්රකාශ කර ඇත.